Sample Text

This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, August 23, 2013

neobux මගින් මුදල් උපයන ආකාරය

           neobux මගින් මුදල් උපයන ආකාරය
 අද මං කියන්නේ කොහොමද  neobux මගින් මුදල් උපයන ආකාරය ගැන මේකේ කරන්න තියෙන්නේ   ads click කරන    එක  ad    එකකට  $0.01 $0.0වගේ  මුදලක්    අපිට   ගන්න  පුළුවන්   මුදල් ටිකක් එකතු කරගෙන ඒ    මුදල්  වලට  Referrals  ලා   ගන්න.     Referrals ල    කියන්නේ      අපි        වෙනුවෙන්  සල්ලි    හොයනඅය.    ඒ    කියන්නේ   අපිට   අමතර   ගානක්  හම්බෙනවා    නිකන්  හිටියත්.  හැමදාම  ad   click  කරලා account එක      develop    කර    ගන්න ඕන.     තවත්      විදිහක්  තම       Direct Referrals ලා එකතු කරගන්නඑක.එකියන්නේ අපේ acount එකට අමතර ගානක් හොයා  ගන්න විදිහක්.     ගොඩක් කට්ටිය ads clicking පටන් අරගන ටික කාලයක් ගියාම අතරල දානවා.  මුල්    කාලයේ ටිකක්  කම්මලිය් වගේ තම එච්චර ගානක් ලැබෙන්නේ නැති    හින්ද.         එත් හරියට   වැඩේ   කරගන   යනවනම්   account එක දාලා යන්න හිතෙන්නේ නැ.PAY PAL,PAYZA accout වලට සල්ලි ගන්න  පුළුවන්..පහල තියන විස්තරටික කියවල බලල රෙජිස්ටර් වෙන්න

  Neobux වල register කියල. පහත පියවර අනුගමනය කරන්න

  මුලින්ම පහත  Banner එක ක්ලික් කරන්න 

 


අපි මේ site එකට ගිහින්  රෙජිස්ටර් වෙන්න ඕන. මුලින්ම රෙජිස්ටර් ක්ලික් කරන්න

 

ඊට පස්සේ රෙජිස්ටර් ෆෝර්ම් එක පුරවන්න. උදාහරනයක් පහත දැක්වේ

 මෙහිදී ඉල්ලන තොරතුරු ලබාදෙන්න හොදට මතකහිටින Username එකක් හා Password එකක් ලබාදෙන්න ඉන්පසු I declare to have read, understood and accepted the Terms of Service මත හරි ලකුණු කර Continue මත Click කරන්න

 මීලගට ඔබේ email ලිපිනයට NeoBux විසින් email පනිවුඩයක් මගින් Email verification code එකක් එවනු ලැබේ.. දැන් ඔබ email එකට ගිහින් code එක copy කර verification code තැන Past කරන්න.

 Code එක Past කරාට  පසු. Verification Code එකට ඉදිරියේ ඇති අකුරු ටික නිවැරදිව ලබා දී .Finish Registration මත ක්ලික් කරන්න. එවිට Neobux page එකට පැමිණෙයි දැන් ඔබේ Username එක හා Password එක ලබාදී Account එකටලොග් වෙන්න Secondary Password: කියන තැනට  මුකුත් Type නොකර ලොග් වෙන්න

neobux ගිනුමට log වූ පසු, view advertisement යන්න click කර එහි ඔබට ලබාදීඇති ads දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක

මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමණ ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න neobux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.එක් add එකක් මත click කරවිට, එහි රතු පාට තිතක් ලැබේ , එය මත click කර add එක open කරන්න.

 මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පි‍ටුවේ පහලින් කහපාට තීරුවක් පිරීමෙන් අනතුරුව  පි‍ටුවේ   ඉහලින්   ඔබට   ලැබුනාවූ   මුදල    සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු කහපාට පසුබිමේ තියන close මත ක්ලික් කරන්න එවිට  ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.

 ඔබ  එක විට add එකකට වඩා click නොකරන්න. එකවිට එක add  එකක්   click කරන්න.  ඔබගේ ගිනුම හොඳි පවත්වාගැනීමට සෑමදාම ලොග් වී ලබාදෙන add ප්‍රමානය click කරන්න, එවිට ඔබට ලැබෙන් adds ප්‍රමානය වැඩිකරගතහැක. ගොඩක් දෙනෙක්ට ඇඩ් බලද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමයි "A user using your IP address have already clicked this advertisement in last 24 hours" කියල error එකක් පෙන්නන එක. ඒ කියන්නේ අපේ IP address එකෙන් වෙනත් කෙනෙක් ඇඩ් බලල තියනව කියල. මේකට හේතුව වෙන්නේ මේකයි. mobile internet service providersල සමහර වෙලාවට එකම IP address IP address එකෙන් කීප දෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ කරනව. ඒ වගේම තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ එකම IP address එකක් නෙමෙයි. මේකට විසඳුම විදියට කරන්න තියෙන්න බොහොම පොඩි දෙයක්. එහෙම error එකක් ආවොත් connection එක disconnect කරල ආයිමත් connect කරන්න. දෙතුන් පාරක් කරද්දි වැඩේ හරි යාවි  


 

Clixsense මගින් මුදල් උපයන ආකාරය

                

                         Clixsense මගින් මුදල් උපයන ආකාරය

 අද මං කියන්නේ කොහොමද  Clixsense  මගින් මුදල් උපයන ආකාරය ගැන .ලෝකයේ වැඩි පිරිසක් Register වෙලා ඉන්න site  එක තමා  Clixsense. මේ නිසා මෙම Site එක ඉතා ජනප්‍රියයි 2007 වසරේ තමයි මේ site අඑක පටන් අරන් තියෙන්නේ කිසිම මුලික දැනුමක් නැතුව කීයක් හරි හොයාගන්න පුථවන්. කරන්න  තියෙන්නේ එයාලා දෙන ad බලන එක විතරයි....හැබැය ad බැලුවා කියලා ලොකු ගානක් හමබවෙන්නෙ නැහැ මේ site  වලින් ලොකු  ගානක් හොයා ගන්න නම් referral ල හොයාගන්න ඕන  ඔබ හැමදාම ඇඩ්ස් ක්ලික් කිරීමෙන් ඔබට වැඩි පුර ඇඩ්ස් ලැබේ.Referrals ඇඩ්ස් ක්ලික් කිරීමෙන් ඔබට Commission මුදලකුත් ලැබේ.මිට අමතරව ClixGrid game එක ක්‍රීඩා කිරීමෙන් ඔබට $5.00 වැඩි මුදලක් දිනාගත හැක .තව Tasks,Offers කිරීමෙන් මුදල් ලබා ගත හැක .
 බලමු කොහොමද clixsense වල register කියල. පහත  පියවරඅනුගමනය කරන්න පහත තියෙන  Banner එක ක්ලික් කරන්න  



ක්ලික් කරට පසු Clixsense අඩවියේ මුල් page එකට පැමිණේ එහි sign up මත ක්ලික් කරන්න.

ඊට පස්සේ රෙජිස්ටර් ෆෝර්ම් එක පුරවන්න.. උදාහරනයක් පහත දැක්වේ.

 මෙහිදී ඉල්ලන තොරතුරු ලබාදෙන්න හොදට මතකහිටින Username එකක් හා Password එකක් ලබාදෙන්න. I have read and agree to ClixSense's Tick කර  create account ක්ලික් කරන්න.
 Create account ක්ලික් කරාට පස්සේ Email address validation එකක් දිස්වේ .ඒ කියන්නේ Email තහවුරු කිරීමයි. තහවුරු කිරීමට නම්   Email එකට එවන ලින්ක් එක ක්ලික් කල යුතුයි .Email එකට ලින්ක් එක පැමිණ නැත්නම් Resent validation Link  මත ක්ලික් කරන්න

 Link එක ක්ලික් කරාට පස්සේ අයේ Clixsense page එකටපිවිසෙනවා දැන්  Login යන්න තොරා, ඔයාල දීපු  username සහ  password නිවැරදිවලබා දී Account එකට Login වෙන්න පුළුවන්. 

 

 

දැන්  ඔබ Registerවෙලා ඉවරයි දැන් දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගානඅඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click karanna

ඉන් පසු ලබා දී ඇති ads මත click කරන්න.



ඇඩ් එක ක්ලික් කලාට පස්සේ click on the cat කියල එනවා ඊටපස්සේ එතන තියන ෆොටොස් වලින් පුසාගේ ෆොටෝ අඑක උඩ ක්ලික් කරන්න 

ඊළගට මේ විදියට පෙනෙයි 

මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පි‍ටුවේ පහලින් තීරුවක් පිරීමෙන් අනතුරුව පි‍ටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක. දැන් මම පහල පින්තුරයේ නිල්පාට ඊතලයෙන් පෙන්නලා තියන තැන ක්ලික් කරන්න එතකොට පේජ් එක ක්ලෝස් වෙනවා එවිදියට හැම ඇඩ් එකක්ම බලන්න 

       
Clixsense මගින් හොදින් ඉපයීමට ඔබගේ refferal link එක බාවිතා කර යහළුවන් clixsense වෙත join කරන්න ඔබට අදාල refferal link එක රතු වර්ණයෙන් my account තුල දැකගත හැක..  මෙම link එක facebook මගින් හෝ වෙනත් ක්‍රම මගින් බෙදා හැර refferals ලා ලබාගන්න



pro bux මගින් මුදල් උපයන ආකාරය

                              pro bux මගින් මුදල් උපයන ආකාරය

 අද මං කියන්නේ කොහොමද pro bux මගින් මුදල් උපයන ආකාරය ගැන මේකේ කරන්න තියෙන්නේ   ads click කරන    එක  ad  එකකට  $0.01   වගේ  මුදලක්    අපිට   ගන්න  පුළුවන්   මුදල් ටිකක් එකතු කරගෙන ඒ  මුදල්  වලට  Referrals  ලා ගන්න.   Referrals ල  කියන්නේ    අපි  වෙනුවෙන්  සල්ලි    හොයනඅය.    ඒ   කියන්නේ   අපිට   අමතර   ගානක්  හම්බෙනවා    නිකන්  හිටියත්.  හැමදාම  ad   click  කරලා account එක develop  කර ගන්න ඕන.     තවත්   විදිහක්  තම  Direct Referrals ලා එකතු කරගන්නඑක.එකියන්නේ අපේ acount එකට අමතර ගානක් හොයා ගන්න විදිහක්. ගොඩක් කට්ටිය ads clicking පටන් අරගන ටික කාලයක් ගියාම අතරල දානවා.  මුල් කාලයේ ටිකක් කම්මලිය් වගේ තම එච්චර ගානක් ලැබෙන්නේ නැති   හින්ද.         එත් හරියට  වැඩේ කරගන යනවනම් account එක දාලා යන්ද හිතෙන්නේ නැ.PAY PAL,PAYZA accout වලට සල්ලි ගන්න පුළුවන්.තව  කියවන  එකේ  තේරුමක්  නැ නේ  .ඔයාලටම  වැඩේ   බාරයි.පහල තියන විස්තරටික කියවල බලල රෙජිස්ටර් වෙන්න.  

 

(ෆොටෝ පැහැදිලිමදිනම් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න)

මේ site එකට ගිහින්  රෙජිස්ටර් වෙන්න 


උඩ තියන Button එක Click කරාට පස්සේ probux Home page එකට පැමිණෙයි. එහි Register මත Click කරන්න . 

 
ඊට පස්සේ රෙජිස්ටර් ෆෝර්ම් එක පුරවන්න.. උදාහරනයක් පහත දැක්වේ..

මෙහි ඔයාලගේ සත්‍යය තොරතුරු ඇතුලත් කරන්න  ඔයාට කැමති යුසර් නේම් එකක්   පාස්වර්ඩ්  එකක් සහ  ඔයාගේ  ඊ   මේල්  එක  දීලා  අන්තිමට  තියන අකුරුටික එතන  තියන  බොක්ස්  එකේ  නිවැරදිව  ටය්ප්කරලා  Create My Account   යන්න ක්ලික් කර රෙජිස්ටර් වෙන්න ඊට පස්සේ ඔයාගේ ඊ - මේල් අකවුන්ට් එකට ලොග්  වෙලා ඔයාට  probux එකෙන්  ආපු  ඊමේල්  එකේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න .Click කරාට පස්සේ probux Home page එකට පැමිණෙයි.


දැන්  Login යන්න තොරා, ඔයාල දීපු  username සහ  password නිවැරදිවලබා දී Account එකට Login වෙන්න පුළුවන්.  දැන්  ඔබ Registerවෙලා ඉවරයිදැන් Page එකේ ඉහල තියෙන  View  Ads කියන    ස්ථානය   Click   කරන්න .   එතකොට   ඔයාලට    View Advertisements කියල Page එකක් පහත රූපය පරිදි ලැබෙයි  

 


 ඔයාට කරන්න තියෙන්නේ  මේ ඇඩ්  උඩ  ක්ලික් කරලා  බලන් ඉන්න   එක විතරයි තප්පර 5 ක් යනකොට ඔයාගෙ අකවුන්ට් එකට සල්ලි එකතුවෙනවා..$ 0.001         සිට         $0.1  දක්වා    වටිනාකමින්     යුතු     ඇඩ්      ඔයාලට   හම්බවෙනවාමේ probux site     එකේ  තියනවා    කහපාට  ads     ජාතියක්. ඒවාට    කියන්නේ   fixed    ads   කියල.  දවසකට   එහෙම     ads      4 ක්    තියනවා ඒ   4   අනිවාර්යයෙන්ම   බලන්න    ඕනේ . මොකද       Referrals    ලගෙන් commission එක එන්නේ ඒ 4 බැලුවොත් විතරයි. කහපාට ads හැම වෙලේම නැහැ තියන වෙලාවට බලන්න. 

                               ( ad )ඇඩ් බලන්නේ මේ විදියට

 මුලින් එක ඇඩ් එකක් Click කරන්න. හරි දැන් අළුත් පිටුවක එම ඇඩ් Open වේවි. දැන් එම Page එක උඩින් නිල් පාට ඉරක් පිරෙනු ඔබට දැකිය හැකිය. මෙන්න මේ විදියට 

ඉන්පසුව

එම ඉර පිරී අවසන් වූ පසුව ඔබේ  ගිණුමට මුදල්  එකතු වූ බව කියවෙන පණිවිඩයක් තිරයේ දිස්වෙනු ඔබට දැකිය හැකිය. ඉන්පසුව එම page එක ක්ලෝස්  කරන්න  එකවරකට  බලිය හැකිවන්නේ එක    ඇඩ් එකයි නැවතත් ඇඩ් එක ඕපන් උන පේජ් එක ක්ලෝස් කර ඊලග  ඇඩ්  බලන්න  දැන් My account  එකට ගොස් බලන්න. ගිණුමෙහි ශේෂය $ 0.01 හෝ ඊට වැඩි මුදලක්  ලෙස එහි සටහන්ව ඇත. එම ads සියල්ලම නියම ආකාරයෙන්  නැරඹූ ඔබට පළමු දිනයේ $0.0ක් හෝ ඊට වැඩි   මුදලක්  ඔබේ ගිණුමේ  ශේෂයට බැර කර තිබෙනු ඔබට දැකිය හැකිය.මේ ආකාරයට ඔබේ ගිණුමේ ශේෂය $5 ක් වූ විට ඔබේ Paypal or        Payza දෙකෙන් එකකට මෙම  මුදල් ලබා ගත හැකිය. හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ  වාසි හිමි වේ.ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න .හැකි තරම් Referrals  ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න   කියන්න.  Referrals ල  ගන්න    විදිය දන්නෙ  නැතිඅයට පස්සේ දවසක කියල දෙන්නම් දැනට මේවිදියට කරගෙන  යන්නකෝ මාස 2-3     යනකන් නම්  ලොකුගනක් හොයා ගන්න අමාරුයි   Referrals ටිකක් අඑහෙම ගත්තට පස්සේ අපිට දවසකට ලොකුමුදලක් හොයාගන්න පුළුවන් Referrals ගන්න එක එක කරන්න නම් අවමය අපේ අකවුන්ට් එකේ 0.6 ක් තියෙන්නේ ඕනේ ඔයාට එක දවස් 10 ක් ඇඩ් ක්ලික් කරාම හොයන්න  පුළුවන්   .අපිට    Referrals     කෙනෙක් ගන්න මාසෙකට $0.20 ක් විතර යනවා අපිට  කෙනෙක්ගෙන් මාසෙකට   එයාල   හැමදාම ඇඩ්   ක්ලික්  කරොත්   $1.00 ත් $2.10 ත් අතර ගානක් හොයන්න  පුළුවන්  හිතලා බලන්න රෙෆරල්ලා   100 ක් විතර ගත්තොත්   කොහොමද     කියල  ගන්න   පුළුවන්  එකට   ඕනේ   වෙන්නේ  උත්සාහයයි   ඉවසීමයි  විතරයි  .   දැන්ම   රෙජිස්ටර්   වෙලා      බලන්නකෝ කොහොමද කියල තේරෙන්නේ නැති දෙයක් තිබුනොත් කමෙන්ට් එකක්  දාන්න    







 

Friday, January 18, 2013

ගැටලු විසදගන්න පහසු ක්‍රමයක්

එදිනෙදා  ජීවිතයේදී අපට විවිදා කාර ගැටලු වලට මුහුණ දීමට සිදුවේ එම ගැටලු විසදා ගැනීමට නොතේරේ නම් සමස්ත දිවියම අවුල්වී යාමට ඉඩ ඇත එමගින්  ජිවිතයද එපා  වීමට පුළුවන .එම නිසා ඇතිවන සෑම ගැටළුවක් දෙසම යථාර්ථ වාදීව බලා එවා විසදා ගැනීමට උත්සාහ ගතයුතුය .එකිනෙකා තුල ඇතිවන ගැටලු විවිදාකාර වන අතර එවා විසදා ගන්නා ක්‍රමයද එකිනෙක අනුව වෙනස් වේ .කුමන ආකාරයට ගැටලු විසදා ගත්තද අප තුල ඇති සිනහව මගින් බොහෝ ගැටලු විසදා ගැනීමට හැකි බව අප හොදින් මතක තබා ගත යුතුය .සිනහවකින් පිළිතුරක් දිය හැකි නම් ඇති වන ගැටලු හමුවේ දුක් නොවී සිනහවවෙන්ම එවට මුහුණ දිය හැකිනම් ගැටලු ඇතිවීම ප්‍රශ්නයක් නොවන්නට පුළුවන් .

අතීතය අමතක කිරීම සාර්ථක ජිවිතයකට හොද පදනමක්

අතීතය වර්තමානය සහ අනාගතය ලෙසින් කාල වකවානු තුනක් අපගේ ජීවිතය හා බැදී පවතී. අතීතය ගෙවී ගොසින් වර්තමානයේ අපජිවත් වන්නෙමු. අනාගතය හෙට දවස යහපත් කර ගැනීමට  අතීතයේ අපි ඉගනගත් දේ පාඩමක් ලෙසින් ගෙන අද වර්තමානයේදී හෙට අනාගතය වෙනුවෙන් සැලසුම් සකසා ගත යුතුය .ජීවිතය වඩාත් ලස්සන වන්නේ සුන්දර වන්නේත් එසේ සිදු කිරීමෙනි .එසේ නොමැතිව ගෙවීගිය අතීතය මතක් කරමින් එහිම ජීවත්වන්නට උත්සහ කිරීමෙන් අවුල්ව විනාශ වන්නේ අපේම ජීවිතයයි

Saturday, January 12, 2013

කෙසෙල්

කෙසෙල් ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවකි ඉදුණු කෙසෙල් දෛනික ආහාරයෙන් පසු අතුරුපසක්‌ ලෙස ගැනීම වඩාත් සුදුසු ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ. විටමින් සී, විටමින් ඒ, විටමින් බී, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් ආදී සංඝටක අඩංගු වන කෙසෙල් රත්තහීනතාවය, අධික රුධිර පීඩනය, මළබද්ධය, මානසික ආතතිය, ස්නායු රෝග සහ විශාදය ආදී රෝග සඳහා වඩාත් සුදුසු ඖෂධීය ගුණයෙන් යුක්ත වේ.ආහාර මාර්ග පද්ධතියේ අසාමාන්‍යතා නැති කරයි.සාමාන්‍ය කෙසෙල් වර්ග අතරින් බොහොමයක් ඒවා මළබද්දය ඇති කරන අතර සමහර කෙසෙල් වර්ග මළපිට කිරීමට උපකාරීවේමීට අමතරව කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් වැඩිපුර රුධිරය පිටවීම අඩුකරන බවද කියවේ.

Friday, January 11, 2013

උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. 

ලොකු කුඩා සෑමකෙනෙක්ම ප්‍රිය කරන අඹ අවුශදිය ගුණයෙන් යුතු පලතුරකි  ඉදිනු අඹ උණුසුම් දේශගුනයකදී සිරුරට සිසිලස ලබා දෙයි .අඹ ඉතා වටිනා ඖෂධයක් වන අතර ඒ, සී, ඩී, යන විටමින් වලින් ශරීරයට අවශ්‍ය කැල්සියම්, ලෝහ, ජීවධාතු හා ඇස්කොරයින් ඇසිඩ් වලින් අවශ්‍ය ගුණය ලබා දෙයි. අමාශයේ ආබාධ සඳහාද පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම සඳහා ද රුධිරය ආශ්‍රීත නොයෙක් ආබාධයන් වලකා ගැනීම පිණිසද අමු අඹ යොදා ගැනේ. පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදී අඹ ඇට මද භාවිතා කරනු ලබන අතර, අඹ කොළ හා ගසේ පොතු යොදාගන්නා ප්‍රතිකර්ම රාශියක්ද වේ.ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා අතර ආහාර දිරවීමට මහත් සේවයක් ඉටුකරයි

දුම්පානය

දුම්වැටියක දිග සෙන්ටිමීටර් කිහිපයක්‌ වුවද එහි ශරීරයට විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. නිකොටින්, තාර, කාබන් මොනොක්‌සයිඩ් නමැති මරණය ගෙන දෙන විෂ වායුව, ඇසිටෝන් නමැති නිය සායම් දියකරන ද්‍රවණවල අඩංගු ද්‍රව්‍ය, ඇමෝනියා, ආසනික්‌ හා බෙන්සීන් නමැති කෘමිනාශකවල අඩංගු විෂ ද්‍රව්‍ය, බෙන්සොපයිරීන් නමැති මෙලොව ඇති ඉතා ප්‍රබලම පිළිකා කාරක රසායනික ද්‍රව්‍යය, කැඩ්මියම් නමැති විෂ ලෝහ වර්ගය ‍ෆෙර්මැල්ඩිහයිඩ් නමැති මිනී කල් තබා ගන්නා ද්‍රව්‍ය හා ටර්පන්ටයින් නමැති තීන්ත ද්‍රවකයක්‌ ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය ඉන් කිහිපයකි.

දුම්වැටියක්‌ දල්වා එහි පළමු දුම් උගුර මුඛයෙන් පෙණහළුවලට ඇතුළුවීමත් සමගම විෂ ද්‍රව්‍ය විනාඩි කිහිපයක්‌ ඇතුළත ශරීරය පුරා ගොස්‌ ශරීරයේ සියලු ම සෛලවලට ඇතුළු වී  සෛල තුළ ක්‍රියාත්මක වේ. එවිට සෛලවලට අවශ්‍ය පෝෂණය නොලැබී ශරීරයේ පටක ද අවයව ද දුර්වල වී රෝග සෑදීම පහසු වේ.දුම්බීමට කවර කාලයක්‌ නතු වී සිටියද යමෙකුට එකී නොමනා පුරුද්ද නතර කිරීමට අවශ්‍ය නම් එය නතර කළ හැකිය. ඉන් මිදීමේ සැබෑ අවශ්‍යතාව වේ නම් ඒ සඳහා මිනිස්‌ මනසට අවශ්‍ය ශක්‌තිය ඇත. යමෙකු කිසියම් මොහොතක “මා කරන්නේ වැරදි ක්‍රියාවකි. මෙය මටත් සමාජයටත් අයහපතකි. එහෙයින් මම ඉන් මිදීම සඳහා ක්‍රියා කරමි” යි කියා ඒ සඳහා උත්සාහ කරන්නේ නම් ඔහුට ඉන් මිදීම සඳහා එක්‌ දොරටුවක්‌ නොව දොරටු බොහෝ ගණනක්‌ විවර වනු ඇත.

හර්පීස්

රෝගකාරකය:

හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය.

පැතිරීම :

හර්පිස් ආසාදිත අයකු සමග ලිංගික සබදතා වලින් බෝවේ කලාතුරකින් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් පවතී . 

ලක්ෂණ:

අසාදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින එකත් තිහත් අතර රෝග ලක්ෂණ මතු වෙයි . ලිංගේන්ද්‍රිය ඇතුලත පිටත හෝ මුකයේ ඉතා කුඩා දිය බිබිලි මතු වීම . එවා මතුවීමට පෙර කැසිල්ල හෝ දැවිල්ල ,මෙම දිය බිබිලි සති එකත් තුනත් අතර කාලයක් පැවතීම ,උන ගතියක් ඇතිවීම ,වසා ගැටිති ඉදිමීම ,හා වේදනා දීම රෝග ලක්ෂණ වේ හර්පීස් නිට්ටාවටම සුවකිරීමට නොහැක .වෛරසය සිරුර තුල පවතින නිසා වරින් වර දිය බිබිලි මතුවිය හැක.

ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල:

මෙම රෝගය නිට්ටාවටම සුවකළ නොහැකි නිසා දරුප්‍රසුතියේදී මවකගෙන් දරුවෙකුට බෝවිය හැකිය ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවිය හැකිය දරුවාට මොලේ උන සැදීමේ අවදානමක්ද පවතී .

ගොනෝරියා /සුදුබින්දුම

රෝගකාරකය:

නිස්සෙයිරා ගොනෝරියේ  නම් බැක්ටීරියා විශේෂය .

පැතිරීම:

ගොනෝරියා සහිත අයකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් බෝවේ . ගැබ්ගෙල ,මුත්‍ර නාල, ගුදමාර්ගය , උගුර සහ ඇසෙහි සිවිය ආසාදනයට ලක්වේ .

ලක්ෂණ:

අසදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින දෙකත් විසි අඑකත් අතර රෝග ලක්ෂණ මතුවෙයි . ස්ත්‍රීන්ට යෝනිමර්ගයෙන් කහ හෝ සුදු පැහැති ගන ශ්‍රාවයක් පිටවීම ,මුත්‍රා කිරිමේදී දැවිල්ල හෝ වේදනාව ,අස්වාබවික ඔසප්වීම හෝ ලේපිටවිම ,යටි බඩේ වේදනාව .කෙන්ඩ පෙරලීම ඇති වේ .

පුරුෂයින්ට ශිෂ්නයෙන් කහ හෝ සුදු පැහැති ශ්‍රාවයක් පිටවීම ,මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් ඇතිවීම ,නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම රෝගලක්ෂණ වේ .


Wednesday, January 9, 2013

උල්ලෝගම්(කැන්ඩිඩයසීස්)

රෝගකාරකය:

කැන්ඩිඩා ඇල්බිකාන්ස් නම් දිලීරය.

පැතිරීම:

ලිංගික සබදතා මගින් බෝවිය හැක .යෝනිමාර්ගය බොහෝවිට අසාදනය කරයි .

ලක්ෂණ:

කාන්තාවන්ගේ සාමාන්‍ය සුදුපැහැයට හෝ ල කහ පැහැයට යෝනිශ්‍රවයන් පිටවීම කැසීම හෝ දැවිල්ල ඇති වේ . පුරුෂයන්ගේ ලින්ගමුන්ඩය හෝ පෙරසම මත ඇතිවන කසන සුළු ගතිය හෝ දදයක් ඇතිවීම .

ප්‍රතිකාර:

වෛද්‍ය උපදෙස් මත දිලීරනාශක ක්‍රීම් වර්ග බාවිතා කල හැක . දියවැඩියාව,එච්  අයි  වී ආසාදනය,ප්‍රතිජීවක අවුෂද බාවිතය ගර්බනිබාවය සහ උපත් පාලන පෙති බාවිතය වැනි තත්වයන් වලදී මෙම රෝග තත්වය ඇතිවිය හැකිය .

ලිංගික ඉන්නන්

රෝගකාරකය:

හියුමන් පැපිලෝමාවෛරසය

පැතිරීම:

ලින්ගේන්ද්රියේ ඉන්නන් සහිත කෙනෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදුන විට බෝවෙයි .

ලක්ෂණ:

ආසදිතයකු සමග ලිංගික කාර්යයේ යෙදී මාසයත් මස අටත් හෝ අවුරුදු කිහිපයක් ඇතුලතදී රෝග ලක්ෂණ මතුවෙයි . ලින්ගේන්ද්රියේ සහ ගුදයේ උඩට නෙරාගිය කුඩා ඉන්නන් ඇති අතර එවා නොවැටී පවතී . ලිංගේන්ද්‍රිය අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී . ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී . යලිත් ඉන්නන් මතුවිය හැකිය .

ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල :

ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ .ආසාදිත මවකගෙන් ප්‍රසුතියේදී දරුවාට බෝවිය හැකිය .ගැබ්ගෙල පිළිකාවන්ට මුලපදිය හැකිය .සහකරුට සහකාරියට බෝවිය හැකි වේ .


වැජින්යිටිස්

රෝගකාරකය:

ගාර්ඩිනෙරෙල්ලා වැජනයිලිස් (gardinerella vaginalis) ප්‍රමුක වෙනත් බැක්ටීරියා වර්ග නිසා

පැතිරීම:

ලිංගික සංසර්ගයේදී බෝවිය හැකි අතර රෝග ලක්ෂණ නොමැතිව පුරුෂයින් වැජිනයිටිස් ආසාදන ප්‍රවාහකයන් වීමට පුළුවන්

රෝගලක්ෂණ:

ඇතැම් ස්ත්‍රීන් තුල රෝග ලක්ෂණ නොපෙන්වයි යෝනියේ කැසිල්ල ,දැවිල්ල හෝ වේදනාව ,

ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල:

රෝග ලක්ෂණ දිගටම පවතී පුරුෂයන් තුල ශිෂ්නයේ හෝ පුරස්ථිග්‍රන්ථයේ හෝ මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවිය හැකියි . ලිංගික සහකරුට හෝ සහකාරියට පැතිරීමේ අවදානම පවතී .

Tuesday, January 8, 2013

ක්ලැමීඩියා

රෝගකාරකය:

 ක්ලැමීඩියා ට්‍රකොමාට්ස් නම් බැක්ටීරියා විශේෂයකි .

පැතිරීම:

 මෙමෙ රෝගය සහිත කෙනෙකු සමග යෝනි, ගුද, මුක , සංසර්ගයේ යෙදීමෙන්  බෝවේ .

ලක්ෂණ:

ආසදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී  දින හතත් විසිඑකත්  අතර රෝග ලක්ෂණ මතුවේ .ස්ත්‍රීන්ගේ යෝනියෙන්  ශ්‍රාවයක් පිටවීම  ,ඔසප්වාර අතර යෝනියෙන් ලේ යාම,මුත්ත්‍රා කිරීමේදී දැවිල්ල ,නිතර මුත්ත්‍රා පිටවීම, උදරප්‍රදේශයේ වේදනාව , ඇතැම් විට උන සහ ඔක්කාරය ඇතිවේ .

පුරුශයන්හට ශිෂ්නයෙන් දියාරු සුදුහෝ කහ පැහැති ශ්‍රාවයක් පිටවීම ,මුත්ත්‍රා කිරීමේදී දැවිල්ල ඇතිවීම හා නිතර මුත්ත්‍රා පිටවීම .ප්‍රතිකාර නොගතහොත් වඩාත් තදබල අසාදන ඇතිවිය හැකිය .ප්‍රජනක ඉන්ද්‍රියන් හට හානිවිය හැකි අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වඳ බාවයට පත්විය හැක .ක්ලැමීඩියා ඇති මවකට  දරු ප්‍රසුතියේදී එය දරුවාට බෝවිය හැක .එමෙන්ම ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවිය හැකිය .

 

ට්‍රයිකොමොනස්

රෝගකාරකය:

ට්‍රයිකොමොනස් වැජිනාලිස් නම් පරපෝෂිතයා 

පැතිරීම:

යෝනි සංසර්ගය මගින් දින තුනත් විසිඅටත්  අතර කාලය තුලදී මතුවේ .

ලක්ෂණ:

යෝනි මාර්ගයෙන් පිටවන කහ පැහැයට හුරු ශ්‍රාවයක් සහ අප්ප්‍රසන්න දුගදක් ,යෝනි ප්‍රදේශයේ ඇතිවන කැසීමක් කාන්තාවන්ට ඇතිවේ.

පුරුෂයන්ගේ බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වයි,ලිංගික සහකරුට සහකාරියට බෝවෙන බැවින් ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය වේ .

ප්‍රතිකාර:

ප්‍රතිජීවක අවුෂද ගැනීමෙන් සුව කල හැකිය .

ස්කේබිස්

රෝගකාරකය:

සාර්කොප්ටෙස් ස්කෙබීස් නම් කුඩා ජීවීන් විශේෂයක් නිසා ඇතිවන අසදනයකි .

පැතිරීම:

සමීප ශාරීරික සබදතා මගින් (ලිංගික නොවන පවා )

ලක්ෂණ :

ශරීරයේ රෝම සහිත ප්‍රදේශවල ඇතිවන අදික කැසීම. විශේෂයෙන් ලිංගික ප්‍රදේශවල ඇතිවිය හැක .

ප්‍රතිකාර :

අවුශදිය ආලේපන සහ ෂැම්පු වර්ග බාවිතයෙන් සුවකළ හැකි නමුදු පාවිච්චියට ගනු ලබන රෙදිපිළි ,ඇඳ ඇතිරිලි ,තුවා දිනපතා සෝදා බාවිතයට ගත යුතුය .

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ර්කොප්ටෙස්

Saturday, January 5, 2013

ලිංගික රෝගවලට ප්‍රතිකාර ලබා ගත යුත්තේ කෙසේද

ප්‍රතිකාර ලබාගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීම යෝග්‍ය වේ .මෙය ශරීරයේ යම් යම් පටක පරික්ෂාවට ලක්කිරීමෙන් හෝ රුදිරය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය . බොහෝ පුද්ගලයන් හට එකම විටකදී එක්  ලිංගික රෝගයකට වඩා වැලදිත්බිය  තබිය හැක බොහෝ විට ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජිවක අවුෂද ලබාදීම සිදු වේ . වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් වෛද්‍ය වරයා පවසන ආකාරයට නියමිත කාලසිමාවතුල  නොකඩවා ප්‍රතිකාර ලබාගතයුතුය  සමහර රෝගසදහා ප්‍රතිකාරයන් ලෙස ක්‍රීම් වර්ග හා ආලේපනයන් ද ලබා දෙන අවස්ථා ඇත  මේවා නිසිපරිදි වෛද්‍ය උපදෙස් අනුව බාවිතා කලයුතුය .

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝවීමෙන් වැළකෙන්නේ කෙසේද

ආරක්ෂා වීමට හොදම දෙය අනාරක්ෂිතව කිසිම විටක ලිංගික කාර්යයේ නොයෙදිමයි .ඔබට අවශ්‍ය තාවයක් නොමැති නම් කිසි විටෙකත් ලිංගික කාර්යයෙහි යෙදිය යුතු බවට එල්ලවන පිදිනයට බලපෑම්වලට අඑකග නොවන්න .රෝග බෝවන අවදානම අවම කරන ආකාරයේ ලිංගික සබදතා කෙරෙහි සිත යොමුකරන්න. ලිංගික සබදතා එක්  විශ්වාෂවන්ත කෙනෙකුට පමණක් සිමා කරන්න .

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් යනු

ලිංගික සම්බන්දයක් හේතු කොට ගෙන ආසදිත  පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට හුවමාරු විය හැකි ලිංගික  රෝගයක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හදුන්වයි. ලිංගික රෝග වැළදුන අයට බොහෝ සව්‍ය්කියම ප්‍රශ්න ඇතිවිය හැකිය. එවා සුළුකොට සැලකීමෙන් බයානක රෝග දක්වා වර්දනය වන්ට පුළුවන්. ගොනෝරියා  සහ කැල්මිඩ්යා වැනි රෝග කාන්තාවන් වද බාවයට පවා පත්කරන්න පුළුවන් ලිංගිකව සම්ප්‍රේෂණය වන සමහර රෝග නිසා මුළු සිරුරටම බලපාන රෝග ලක්ෂණ ඇතිවීමට හැකිය. උදාහරණයක් ලෙස  ශරීරය කහපැහැ ගැනීම දැක්විය හැකිය සමහර විට මෙලක්ෂණ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නොවන වෙනත් අසාදන නිසාත් ඇතිවිය හැකිය . ලිංගිකව සම්ප්‍රේෂණය වන සමහර රෝගවල බැලූ බැල්මට රෝග ලක්ෂණ හදුනාගත නොහැකි ලෙස තාවකාලිකව යටපත් උවත් පසු කලකදී ඉතා බයානක රෝගාබාද ඇතිකරනවා . එ වගේම රෝගලක්ෂණ නැති උවත් ඔබත් සමග ලිංගිකව එකතුවන අයටත් ඔබනිස රෝග වලදිය හැකිය .                                                                                                                                                              ලිංගික රෝග හදුනාගත හැකි පොදු රෝගලක්ෂණ කිහිපයක් .                                         ලින්ගේන්ද්‍රියෙන් වෙනදා දැක නුපුරුද දියර වැනි ශ්‍රාවයන්  පිටවීම.                                                         ලිංගිකකාර්යයේයෙදෙනවිටහෝමුත්‍රාපිටකරනවිටදැවිල්ලක්හෝරිදීමක්ඇතිවීම.                                                                                 ලිංගිකප්‍රදේශයවටා  දද,තුවාල , කුෂ්ට, ඉන්නන් , ගෙඩි ,ඉදිමීම වැනි දේ ඇතිවීම .                                     දිව , තොල ,කම්මුලෙහි , අතුල්පත්තේ තුවාල ඇතිවීම .                                                                           ලිංගේන්ද්‍රිය අවට දැවිල්ලක් හෝ කැසිල්ලක් ඇතිවීම .                                                                            නිතර මුත්‍රා පිටවීම .

Friday, January 4, 2013

නායකයකු වන්න

බොහෝ අය බලාපොරොත්තු වන්නේ ලොක්කකු වීමටය. ලොක්කකු වූ විට ඔබද සෑම දෙයක්ම කිරීමට උත්සහ කල යුතු වෙයි. තමා යටතේ සිටින අයට ලොකුකම් පෙන්වීමට සිදුවෙයි. එහෙත් ලොක්කා කිසිවක් හරි හැටි නොදනී. ඔවුන්ට හොදින් අන් අය ලව කාර්යයන් ඉටු කර ගත නොහැකිය. එවිට සෙසු අය ඔබගෙන් ඈත් වෙයි. එම නිසා තමා යටතේ සිටින්නන් නිවැරදිව මෙහෙය විය හැකි නම්‍යශීලි නායකයකු වන්න

දුරසිතීම

යම් කිසිවක් කිරීමට පෙර දුර දැකීම ඉතා හොද දෙයකි. එහෙත් කරන්නට සිතාගත් කාර්යය කරන්නට පෙර එයින් වන අතුරුපල ගැන සිතීම හා එයිනුත් පසු සිදුවන දෙය ගැන සිතන්නට ගියොත් සිදුවන්නේ සිත උදසිනබාවයට පත් වීම පමණි. එවිට කිසි දෙයක් කරගැනීමට නොහැකිවනු ඇත. එම නිසා නොපෙනෙන දුර පිලිබදව සිත යොමුනොකර පෙනෙන දුරට සිත යොමුකර කර්යය  කරන්න

අනුකරණය

සමාජය තරගකාරිය. එම තරගකාරිත්වය තුලදී ඔබ පසුබෑමට ලක්වන එක් අවස්ථාවක් වන්නේ අනු කරණයයි. එවිට ඔබ තුල පවතින විශ්වාසය ඔබගෙන් ඇත් වනු ඇත. විශ්වාසයක් නොමැති වූ විට ඔබට තනිව ස්වාදීනව යමක් කිරීමට නොහැකි වනු ඇත. අනුකරණය කිරීමේදී ඔබතුල පවතින එදිතර  බවද අඩු වෙයි.
එවිට ඉදිරිපත් වීම නැති වෙයි. ඔබ බංකොලොත් වූවකු වේයි. ජනප්ප්‍රිය පුද්ගලයන් අනුකරණය කරන්නට ගොස් බංකොලොත් වුවෝ අපමණය. එවිට හීනමානය ඔබ තුල ඇතිවෙයි. ඔබ ඔබම වන්න. ඔබ ඔබගේ හැසිරීම ඉවත දමා අනුකරනවදියකු වනවාට වඩා ඔබගේ ස්වාදීන ගති පැවතුම් මතින් ඔබට බොහෝ දෙය ලබා ගැනීමට හැකි වනවා මෙන්ම් අන් අය ඔබගේ අනන්න්‍යතාවයට  ගරු කරයි.

වැරදිපිලිගන්න

මිනිසුන් වශයෙන්  වැරදි කිරීම ස්වබාවික දෙයකි. නමුත් දැන දැන වැරදි කිරීම පිලිගතනොහැකි වෙයි. වැරද්දක් පෙන්වදීමේදී එය පිළිගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයා සමාජයෙන් කොන් වෙයි. හිතුවක්කාර මුරණ්ඩුකාරයන් මෙසේ වරද පිලි නොගන්න අතර කල වැරැද්ද පිළිගන්නා පුද්ගලයා කෙරෙහි සමාජය පැහැදේ. ප්‍රසන්න ශීලි වෙයි ඔහු ලග ''සමාවෙන්න'' යන වචනය තිබේ.

ඉවසීම

සිත් තවුල්   ඇතිවන්නේ ඉවසීමක් නැති වූ විටය. නිමේෂයක කෝපයක් නිසා ඔබට බොහෝකාලයක් සිත්තැවුලෙන් සිටීමට සිදුවන අතර ඔබට බොහො පාඩුද  විදින්නට සිදු වෙයි.කෝපයක් ඇතිවූ විට ඉවසන්න. දරාගත නොහැකි කෝපයක් ඇති වූ විට තවත් වතාවක් ඉවසන්න. එමගින් ඔබට සැනසීමක් ලැබීම ඒකාන්තය

බාහිර ඇසුර

කුඩා කල මවුපියන් සෙවනේ හැදෙන වැඩෙන දරුවන් හොද ආදර්ශමත් දරුවන් වෙයි. නමුත් බාහිර ලෝකය හා ගැටෙද්දී එම දරුවන්ම නරකට පෙලබෙයි. බාහිර ඇසුරට එම දරුවන් ප්‍රිය තාවයක් දක්වයි එම නිසා තමන් ඇසුරු කල යුත්තේ කවුරුන්ද,ඇසුරු නොකළ යුත්තේ කවුරුන්ද කියා ඔබම තීරණය කරන්න. ඔබ ඇසුරුකරන බාහිර සමාජය තුලින් ඔබගේ අනාගතය ගොඩ නැගෙනු ඇත.එය යහපත් කරගන්නවද අයහපත් කරගන්නවද කියා තීරණය කල යුත්තේ ඔබයි. යහපත් දේට ඔබව පොලබවනවට වඩා අයහපත් දෙයට යොමුකරන පිරිස වැඩිය. ඔබගේ මිතුරන් පිලිබදව සැලකිලිමත් වන්න. ඔවුන් දුම් බොන්නන්නම් මත්පැන් පානය කරන්නන්නම් ඔබවද ඊට යොමු කරවනු ඇත. යම් හෙයකින් ඔබ මත්පැන් පානය කරන පිරිස සමග එකට සිටියද නොබිසිටිනවා විය හැකිය.එහෙත් යම් දිනක ඔබට යම් කිසි විපතක් වූ විට ඊට පිළියම් ලෙස කියා ඔබ මත්පැන් පානයට පෙලබෙනු ඇත. ඒ මත්පැන් පානය කරන අය සමග ඔබ මිට පෙර ඇසුරුකළ නිසාවෙනි.

Tuesday, January 1, 2013

යහපත් පුද්ගලයෙක් වෙන්න මේ කරුනු ටික පිළිපදින්න

<<යහපත් පුද්ගලයෙක් වෙන්න මේ කරුනු ටික පිළිපදින්න>>
එන්න සමාජයට වැදගත් දරුවෙක් මෙන්.
ඉඳගන්න තවකෙනෙකුට අපහසුවක් නොදැනෙන ලෙස.
කන්න ගුණවත් දේපමනක්.
බොන්න ඔබේ පැවැත්මට හිතකර දේ පමනක්.
ලියන්න දැනුම විනෝදය ලබාගතහකිදේ.
කරන්න තමන්ටත් අනුන්ටත් ප්‍රයොජනාවත් දෙයක්.
ගොඩනගන්න ආත්ම විශ්වාසය.
සිනහවන්න සමච්චලයට නොව අවංක ලෙස.
කියන්න පලදායි මිහිරි දේ පමනක්.
අහන්න කියන්න කෙසේ කීවත් සිහිබුද්දියෙන්.
බලන්න දෙනෙතට මනසට ප්‍රිය උපදවන දේ පමනක්.
ඉන්න කිසිවෙකුට කරදරයක් නොවන ලෙසින්.
අඳින්න පිරිසිදු සංස්කෘතියට ගැලැපෙන ඇදුම්.
ඉගෙනගන්න හැම මොහොතකම යමක්.
පිළිගන්න හැමකෙනෙකුම ගවුරවයෙන්.
උත්සහකරන්න උත්සහ කලොත් කලනොහැකිදෙයක්නැතිනිසා.
සෝදන්න අනිත්‍ සියලු දේමෙන් හදවතත්.
ඉතිරිකරන්න ටිකෙන් ටික අනාගතය වෙනුවෙන්.
නිදාගන්න විරාමයක් ලබා ගැනීමට පමනක්.
නැගීටින්න කොන්ද පන ඇති මිනිසෙකු මෙන්.
ඇවිදින්න බොහෝ අත්දැකීම් ලබා ගැනීමට.
යන්න යායුතු මග නොබියව.
හැදෙන්න 6 ,4 දන්නා සමජයට පලදායි පුද්ගලයකු මෙන්.

  • මැරෙන්න සමජයට සේවයක් කලසැබෑමිනේසෙකු ලෙසින්

මම කවුද ?

මම කවුද ?
මා හට බොහෝ විට මිනිසුන් අයහපතක් නොකරයි .මම කවුද කියා නැතිනම් මගේ ජීවිතය පිලිබදව දකින්නේ පිටස්තර ලෝකයේ සිටින මිනිසුන් ගෙනි .ඒ ඔවුන් මට සලකන අයුරිනි. යහපත් අයුරින් හැසිරීමෙන් යහපතක්ම සිදුවන අතර අයහපත් අයුරින් හැසිරීමෙන් අයහපතක්ම සිදු වෙයි

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More