Sample Text

Friday, January 4, 2013

බාහිර ඇසුර

කුඩා කල මවුපියන් සෙවනේ හැදෙන වැඩෙන දරුවන් හොද ආදර්ශමත් දරුවන් වෙයි. නමුත් බාහිර ලෝකය හා ගැටෙද්දී එම දරුවන්ම නරකට පෙලබෙයි. බාහිර ඇසුරට එම දරුවන් ප්‍රිය තාවයක් දක්වයි එම නිසා තමන් ඇසුරු කල යුත්තේ කවුරුන්ද,ඇසුරු නොකළ යුත්තේ කවුරුන්ද කියා ඔබම තීරණය කරන්න. ඔබ ඇසුරුකරන බාහිර සමාජය තුලින් ඔබගේ අනාගතය ගොඩ නැගෙනු ඇත.එය යහපත් කරගන්නවද අයහපත් කරගන්නවද කියා තීරණය කල යුත්තේ ඔබයි. යහපත් දේට ඔබව පොලබවනවට වඩා අයහපත් දෙයට යොමුකරන පිරිස වැඩිය. ඔබගේ මිතුරන් පිලිබදව සැලකිලිමත් වන්න. ඔවුන් දුම් බොන්නන්නම් මත්පැන් පානය කරන්නන්නම් ඔබවද ඊට යොමු කරවනු ඇත. යම් හෙයකින් ඔබ මත්පැන් පානය කරන පිරිස සමග එකට සිටියද නොබිසිටිනවා විය හැකිය.එහෙත් යම් දිනක ඔබට යම් කිසි විපතක් වූ විට ඊට පිළියම් ලෙස කියා ඔබ මත්පැන් පානයට පෙලබෙනු ඇත. ඒ මත්පැන් පානය කරන අය සමග ඔබ මිට පෙර ඇසුරුකළ නිසාවෙනි.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More