Sample Text

This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, January 18, 2013

ගැටලු විසදගන්න පහසු ක්‍රමයක්

එදිනෙදා  ජීවිතයේදී අපට විවිදා කාර ගැටලු වලට මුහුණ දීමට සිදුවේ එම ගැටලු විසදා ගැනීමට නොතේරේ නම් සමස්ත දිවියම අවුල්වී යාමට ඉඩ ඇත එමගින්  ජිවිතයද එපා  වීමට පුළුවන .එම නිසා ඇතිවන සෑම ගැටළුවක් දෙසම යථාර්ථ වාදීව බලා එවා විසදා ගැනීමට උත්සාහ ගතයුතුය .එකිනෙකා තුල ඇතිවන ගැටලු විවිදාකාර වන අතර එවා විසදා ගන්නා ක්‍රමයද එකිනෙක අනුව වෙනස් වේ .කුමන ආකාරයට ගැටලු විසදා ගත්තද අප තුල ඇති සිනහව මගින් බොහෝ ගැටලු විසදා ගැනීමට හැකි බව අප හොදින් මතක තබා ගත යුතුය .සිනහවකින් පිළිතුරක් දිය හැකි නම් ඇති වන ගැටලු හමුවේ දුක් නොවී සිනහවවෙන්ම එවට මුහුණ දිය හැකිනම් ගැටලු ඇතිවීම ප්‍රශ්නයක් නොවන්නට පුළුවන් .

අතීතය අමතක කිරීම සාර්ථක ජිවිතයකට හොද පදනමක්

අතීතය වර්තමානය සහ අනාගතය ලෙසින් කාල වකවානු තුනක් අපගේ ජීවිතය හා බැදී පවතී. අතීතය ගෙවී ගොසින් වර්තමානයේ අපජිවත් වන්නෙමු. අනාගතය හෙට දවස යහපත් කර ගැනීමට  අතීතයේ අපි ඉගනගත් දේ පාඩමක් ලෙසින් ගෙන අද වර්තමානයේදී හෙට අනාගතය වෙනුවෙන් සැලසුම් සකසා ගත යුතුය .ජීවිතය වඩාත් ලස්සන වන්නේ සුන්දර වන්නේත් එසේ සිදු කිරීමෙනි .එසේ නොමැතිව ගෙවීගිය අතීතය මතක් කරමින් එහිම ජීවත්වන්නට උත්සහ කිරීමෙන් අවුල්ව විනාශ වන්නේ අපේම ජීවිතයයි

Saturday, January 12, 2013

කෙසෙල්

කෙසෙල් ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවකි ඉදුණු කෙසෙල් දෛනික ආහාරයෙන් පසු අතුරුපසක්‌ ලෙස ගැනීම වඩාත් සුදුසු ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ. විටමින් සී, විටමින් ඒ, විටමින් බී, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් ආදී සංඝටක අඩංගු වන කෙසෙල් රත්තහීනතාවය, අධික රුධිර පීඩනය, මළබද්ධය, මානසික ආතතිය, ස්නායු රෝග සහ විශාදය ආදී රෝග සඳහා වඩාත් සුදුසු ඖෂධීය ගුණයෙන් යුක්ත වේ.ආහාර මාර්ග පද්ධතියේ අසාමාන්‍යතා නැති කරයි.සාමාන්‍ය කෙසෙල් වර්ග අතරින් බොහොමයක් ඒවා මළබද්දය ඇති කරන අතර සමහර කෙසෙල් වර්ග මළපිට කිරීමට උපකාරීවේමීට අමතරව කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් වැඩිපුර රුධිරය පිටවීම අඩුකරන බවද කියවේ.

Friday, January 11, 2013

උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. 

ලොකු කුඩා සෑමකෙනෙක්ම ප්‍රිය කරන අඹ අවුශදිය ගුණයෙන් යුතු පලතුරකි  ඉදිනු අඹ උණුසුම් දේශගුනයකදී සිරුරට සිසිලස ලබා දෙයි .අඹ ඉතා වටිනා ඖෂධයක් වන අතර ඒ, සී, ඩී, යන විටමින් වලින් ශරීරයට අවශ්‍ය කැල්සියම්, ලෝහ, ජීවධාතු හා ඇස්කොරයින් ඇසිඩ් වලින් අවශ්‍ය ගුණය ලබා දෙයි. අමාශයේ ආබාධ සඳහාද පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම සඳහා ද රුධිරය ආශ්‍රීත නොයෙක් ආබාධයන් වලකා ගැනීම පිණිසද අමු අඹ යොදා ගැනේ. පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදී අඹ ඇට මද භාවිතා කරනු ලබන අතර, අඹ කොළ හා ගසේ පොතු යොදාගන්නා ප්‍රතිකර්ම රාශියක්ද වේ.ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා අතර ආහාර දිරවීමට මහත් සේවයක් ඉටුකරයි

දුම්පානය

දුම්වැටියක දිග සෙන්ටිමීටර් කිහිපයක්‌ වුවද එහි ශරීරයට විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. නිකොටින්, තාර, කාබන් මොනොක්‌සයිඩ් නමැති මරණය ගෙන දෙන විෂ වායුව, ඇසිටෝන් නමැති නිය සායම් දියකරන ද්‍රවණවල අඩංගු ද්‍රව්‍ය, ඇමෝනියා, ආසනික්‌ හා බෙන්සීන් නමැති කෘමිනාශකවල අඩංගු විෂ ද්‍රව්‍ය, බෙන්සොපයිරීන් නමැති මෙලොව ඇති ඉතා ප්‍රබලම පිළිකා කාරක රසායනික ද්‍රව්‍යය, කැඩ්මියම් නමැති විෂ ලෝහ වර්ගය ‍ෆෙර්මැල්ඩිහයිඩ් නමැති මිනී කල් තබා ගන්නා ද්‍රව්‍ය හා ටර්පන්ටයින් නමැති තීන්ත ද්‍රවකයක්‌ ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය ඉන් කිහිපයකි.

දුම්වැටියක්‌ දල්වා එහි පළමු දුම් උගුර මුඛයෙන් පෙණහළුවලට ඇතුළුවීමත් සමගම විෂ ද්‍රව්‍ය විනාඩි කිහිපයක්‌ ඇතුළත ශරීරය පුරා ගොස්‌ ශරීරයේ සියලු ම සෛලවලට ඇතුළු වී  සෛල තුළ ක්‍රියාත්මක වේ. එවිට සෛලවලට අවශ්‍ය පෝෂණය නොලැබී ශරීරයේ පටක ද අවයව ද දුර්වල වී රෝග සෑදීම පහසු වේ.දුම්බීමට කවර කාලයක්‌ නතු වී සිටියද යමෙකුට එකී නොමනා පුරුද්ද නතර කිරීමට අවශ්‍ය නම් එය නතර කළ හැකිය. ඉන් මිදීමේ සැබෑ අවශ්‍යතාව වේ නම් ඒ සඳහා මිනිස්‌ මනසට අවශ්‍ය ශක්‌තිය ඇත. යමෙකු කිසියම් මොහොතක “මා කරන්නේ වැරදි ක්‍රියාවකි. මෙය මටත් සමාජයටත් අයහපතකි. එහෙයින් මම ඉන් මිදීම සඳහා ක්‍රියා කරමි” යි කියා ඒ සඳහා උත්සාහ කරන්නේ නම් ඔහුට ඉන් මිදීම සඳහා එක්‌ දොරටුවක්‌ නොව දොරටු බොහෝ ගණනක්‌ විවර වනු ඇත.

හර්පීස්

රෝගකාරකය:

හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය.

පැතිරීම :

හර්පිස් ආසාදිත අයකු සමග ලිංගික සබදතා වලින් බෝවේ කලාතුරකින් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් පවතී . 

ලක්ෂණ:

අසාදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින එකත් තිහත් අතර රෝග ලක්ෂණ මතු වෙයි . ලිංගේන්ද්‍රිය ඇතුලත පිටත හෝ මුකයේ ඉතා කුඩා දිය බිබිලි මතු වීම . එවා මතුවීමට පෙර කැසිල්ල හෝ දැවිල්ල ,මෙම දිය බිබිලි සති එකත් තුනත් අතර කාලයක් පැවතීම ,උන ගතියක් ඇතිවීම ,වසා ගැටිති ඉදිමීම ,හා වේදනා දීම රෝග ලක්ෂණ වේ හර්පීස් නිට්ටාවටම සුවකිරීමට නොහැක .වෛරසය සිරුර තුල පවතින නිසා වරින් වර දිය බිබිලි මතුවිය හැක.

ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල:

මෙම රෝගය නිට්ටාවටම සුවකළ නොහැකි නිසා දරුප්‍රසුතියේදී මවකගෙන් දරුවෙකුට බෝවිය හැකිය ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවිය හැකිය දරුවාට මොලේ උන සැදීමේ අවදානමක්ද පවතී .

ගොනෝරියා /සුදුබින්දුම

රෝගකාරකය:

නිස්සෙයිරා ගොනෝරියේ  නම් බැක්ටීරියා විශේෂය .

පැතිරීම:

ගොනෝරියා සහිත අයකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් බෝවේ . ගැබ්ගෙල ,මුත්‍ර නාල, ගුදමාර්ගය , උගුර සහ ඇසෙහි සිවිය ආසාදනයට ලක්වේ .

ලක්ෂණ:

අසදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින දෙකත් විසි අඑකත් අතර රෝග ලක්ෂණ මතුවෙයි . ස්ත්‍රීන්ට යෝනිමර්ගයෙන් කහ හෝ සුදු පැහැති ගන ශ්‍රාවයක් පිටවීම ,මුත්‍රා කිරිමේදී දැවිල්ල හෝ වේදනාව ,අස්වාබවික ඔසප්වීම හෝ ලේපිටවිම ,යටි බඩේ වේදනාව .කෙන්ඩ පෙරලීම ඇති වේ .

පුරුෂයින්ට ශිෂ්නයෙන් කහ හෝ සුදු පැහැති ශ්‍රාවයක් පිටවීම ,මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් ඇතිවීම ,නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම රෝගලක්ෂණ වේ .


Wednesday, January 9, 2013

උල්ලෝගම්(කැන්ඩිඩයසීස්)

රෝගකාරකය:

කැන්ඩිඩා ඇල්බිකාන්ස් නම් දිලීරය.

පැතිරීම:

ලිංගික සබදතා මගින් බෝවිය හැක .යෝනිමාර්ගය බොහෝවිට අසාදනය කරයි .

ලක්ෂණ:

කාන්තාවන්ගේ සාමාන්‍ය සුදුපැහැයට හෝ ල කහ පැහැයට යෝනිශ්‍රවයන් පිටවීම කැසීම හෝ දැවිල්ල ඇති වේ . පුරුෂයන්ගේ ලින්ගමුන්ඩය හෝ පෙරසම මත ඇතිවන කසන සුළු ගතිය හෝ දදයක් ඇතිවීම .

ප්‍රතිකාර:

වෛද්‍ය උපදෙස් මත දිලීරනාශක ක්‍රීම් වර්ග බාවිතා කල හැක . දියවැඩියාව,එච්  අයි  වී ආසාදනය,ප්‍රතිජීවක අවුෂද බාවිතය ගර්බනිබාවය සහ උපත් පාලන පෙති බාවිතය වැනි තත්වයන් වලදී මෙම රෝග තත්වය ඇතිවිය හැකිය .

ලිංගික ඉන්නන්

රෝගකාරකය:

හියුමන් පැපිලෝමාවෛරසය

පැතිරීම:

ලින්ගේන්ද්රියේ ඉන්නන් සහිත කෙනෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදුන විට බෝවෙයි .

ලක්ෂණ:

ආසදිතයකු සමග ලිංගික කාර්යයේ යෙදී මාසයත් මස අටත් හෝ අවුරුදු කිහිපයක් ඇතුලතදී රෝග ලක්ෂණ මතුවෙයි . ලින්ගේන්ද්රියේ සහ ගුදයේ උඩට නෙරාගිය කුඩා ඉන්නන් ඇති අතර එවා නොවැටී පවතී . ලිංගේන්ද්‍රිය අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී . ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී . යලිත් ඉන්නන් මතුවිය හැකිය .

ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල :

ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ .ආසාදිත මවකගෙන් ප්‍රසුතියේදී දරුවාට බෝවිය හැකිය .ගැබ්ගෙල පිළිකාවන්ට මුලපදිය හැකිය .සහකරුට සහකාරියට බෝවිය හැකි වේ .


වැජින්යිටිස්

රෝගකාරකය:

ගාර්ඩිනෙරෙල්ලා වැජනයිලිස් (gardinerella vaginalis) ප්‍රමුක වෙනත් බැක්ටීරියා වර්ග නිසා

පැතිරීම:

ලිංගික සංසර්ගයේදී බෝවිය හැකි අතර රෝග ලක්ෂණ නොමැතිව පුරුෂයින් වැජිනයිටිස් ආසාදන ප්‍රවාහකයන් වීමට පුළුවන්

රෝගලක්ෂණ:

ඇතැම් ස්ත්‍රීන් තුල රෝග ලක්ෂණ නොපෙන්වයි යෝනියේ කැසිල්ල ,දැවිල්ල හෝ වේදනාව ,

ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල:

රෝග ලක්ෂණ දිගටම පවතී පුරුෂයන් තුල ශිෂ්නයේ හෝ පුරස්ථිග්‍රන්ථයේ හෝ මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවිය හැකියි . ලිංගික සහකරුට හෝ සහකාරියට පැතිරීමේ අවදානම පවතී .

Tuesday, January 8, 2013

ක්ලැමීඩියා

රෝගකාරකය:

 ක්ලැමීඩියා ට්‍රකොමාට්ස් නම් බැක්ටීරියා විශේෂයකි .

පැතිරීම:

 මෙමෙ රෝගය සහිත කෙනෙකු සමග යෝනි, ගුද, මුක , සංසර්ගයේ යෙදීමෙන්  බෝවේ .

ලක්ෂණ:

ආසදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී  දින හතත් විසිඑකත්  අතර රෝග ලක්ෂණ මතුවේ .ස්ත්‍රීන්ගේ යෝනියෙන්  ශ්‍රාවයක් පිටවීම  ,ඔසප්වාර අතර යෝනියෙන් ලේ යාම,මුත්ත්‍රා කිරීමේදී දැවිල්ල ,නිතර මුත්ත්‍රා පිටවීම, උදරප්‍රදේශයේ වේදනාව , ඇතැම් විට උන සහ ඔක්කාරය ඇතිවේ .

පුරුශයන්හට ශිෂ්නයෙන් දියාරු සුදුහෝ කහ පැහැති ශ්‍රාවයක් පිටවීම ,මුත්ත්‍රා කිරීමේදී දැවිල්ල ඇතිවීම හා නිතර මුත්ත්‍රා පිටවීම .ප්‍රතිකාර නොගතහොත් වඩාත් තදබල අසාදන ඇතිවිය හැකිය .ප්‍රජනක ඉන්ද්‍රියන් හට හානිවිය හැකි අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වඳ බාවයට පත්විය හැක .ක්ලැමීඩියා ඇති මවකට  දරු ප්‍රසුතියේදී එය දරුවාට බෝවිය හැක .එමෙන්ම ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවිය හැකිය .

 

ට්‍රයිකොමොනස්

රෝගකාරකය:

ට්‍රයිකොමොනස් වැජිනාලිස් නම් පරපෝෂිතයා 

පැතිරීම:

යෝනි සංසර්ගය මගින් දින තුනත් විසිඅටත්  අතර කාලය තුලදී මතුවේ .

ලක්ෂණ:

යෝනි මාර්ගයෙන් පිටවන කහ පැහැයට හුරු ශ්‍රාවයක් සහ අප්ප්‍රසන්න දුගදක් ,යෝනි ප්‍රදේශයේ ඇතිවන කැසීමක් කාන්තාවන්ට ඇතිවේ.

පුරුෂයන්ගේ බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වයි,ලිංගික සහකරුට සහකාරියට බෝවෙන බැවින් ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය වේ .

ප්‍රතිකාර:

ප්‍රතිජීවක අවුෂද ගැනීමෙන් සුව කල හැකිය .

ස්කේබිස්

රෝගකාරකය:

සාර්කොප්ටෙස් ස්කෙබීස් නම් කුඩා ජීවීන් විශේෂයක් නිසා ඇතිවන අසදනයකි .

පැතිරීම:

සමීප ශාරීරික සබදතා මගින් (ලිංගික නොවන පවා )

ලක්ෂණ :

ශරීරයේ රෝම සහිත ප්‍රදේශවල ඇතිවන අදික කැසීම. විශේෂයෙන් ලිංගික ප්‍රදේශවල ඇතිවිය හැක .

ප්‍රතිකාර :

අවුශදිය ආලේපන සහ ෂැම්පු වර්ග බාවිතයෙන් සුවකළ හැකි නමුදු පාවිච්චියට ගනු ලබන රෙදිපිළි ,ඇඳ ඇතිරිලි ,තුවා දිනපතා සෝදා බාවිතයට ගත යුතුය .

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ර්කොප්ටෙස්

Saturday, January 5, 2013

ලිංගික රෝගවලට ප්‍රතිකාර ලබා ගත යුත්තේ කෙසේද

ප්‍රතිකාර ලබාගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීම යෝග්‍ය වේ .මෙය ශරීරයේ යම් යම් පටක පරික්ෂාවට ලක්කිරීමෙන් හෝ රුදිරය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය . බොහෝ පුද්ගලයන් හට එකම විටකදී එක්  ලිංගික රෝගයකට වඩා වැලදිත්බිය  තබිය හැක බොහෝ විට ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජිවක අවුෂද ලබාදීම සිදු වේ . වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් වෛද්‍ය වරයා පවසන ආකාරයට නියමිත කාලසිමාවතුල  නොකඩවා ප්‍රතිකාර ලබාගතයුතුය  සමහර රෝගසදහා ප්‍රතිකාරයන් ලෙස ක්‍රීම් වර්ග හා ආලේපනයන් ද ලබා දෙන අවස්ථා ඇත  මේවා නිසිපරිදි වෛද්‍ය උපදෙස් අනුව බාවිතා කලයුතුය .

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝවීමෙන් වැළකෙන්නේ කෙසේද

ආරක්ෂා වීමට හොදම දෙය අනාරක්ෂිතව කිසිම විටක ලිංගික කාර්යයේ නොයෙදිමයි .ඔබට අවශ්‍ය තාවයක් නොමැති නම් කිසි විටෙකත් ලිංගික කාර්යයෙහි යෙදිය යුතු බවට එල්ලවන පිදිනයට බලපෑම්වලට අඑකග නොවන්න .රෝග බෝවන අවදානම අවම කරන ආකාරයේ ලිංගික සබදතා කෙරෙහි සිත යොමුකරන්න. ලිංගික සබදතා එක්  විශ්වාෂවන්ත කෙනෙකුට පමණක් සිමා කරන්න .

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් යනු

ලිංගික සම්බන්දයක් හේතු කොට ගෙන ආසදිත  පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට හුවමාරු විය හැකි ලිංගික  රෝගයක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හදුන්වයි. ලිංගික රෝග වැළදුන අයට බොහෝ සව්‍ය්කියම ප්‍රශ්න ඇතිවිය හැකිය. එවා සුළුකොට සැලකීමෙන් බයානක රෝග දක්වා වර්දනය වන්ට පුළුවන්. ගොනෝරියා  සහ කැල්මිඩ්යා වැනි රෝග කාන්තාවන් වද බාවයට පවා පත්කරන්න පුළුවන් ලිංගිකව සම්ප්‍රේෂණය වන සමහර රෝග නිසා මුළු සිරුරටම බලපාන රෝග ලක්ෂණ ඇතිවීමට හැකිය. උදාහරණයක් ලෙස  ශරීරය කහපැහැ ගැනීම දැක්විය හැකිය සමහර විට මෙලක්ෂණ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නොවන වෙනත් අසාදන නිසාත් ඇතිවිය හැකිය . ලිංගිකව සම්ප්‍රේෂණය වන සමහර රෝගවල බැලූ බැල්මට රෝග ලක්ෂණ හදුනාගත නොහැකි ලෙස තාවකාලිකව යටපත් උවත් පසු කලකදී ඉතා බයානක රෝගාබාද ඇතිකරනවා . එ වගේම රෝගලක්ෂණ නැති උවත් ඔබත් සමග ලිංගිකව එකතුවන අයටත් ඔබනිස රෝග වලදිය හැකිය .                                                                                                                                                              ලිංගික රෝග හදුනාගත හැකි පොදු රෝගලක්ෂණ කිහිපයක් .                                         ලින්ගේන්ද්‍රියෙන් වෙනදා දැක නුපුරුද දියර වැනි ශ්‍රාවයන්  පිටවීම.                                                         ලිංගිකකාර්යයේයෙදෙනවිටහෝමුත්‍රාපිටකරනවිටදැවිල්ලක්හෝරිදීමක්ඇතිවීම.                                                                                 ලිංගිකප්‍රදේශයවටා  දද,තුවාල , කුෂ්ට, ඉන්නන් , ගෙඩි ,ඉදිමීම වැනි දේ ඇතිවීම .                                     දිව , තොල ,කම්මුලෙහි , අතුල්පත්තේ තුවාල ඇතිවීම .                                                                           ලිංගේන්ද්‍රිය අවට දැවිල්ලක් හෝ කැසිල්ලක් ඇතිවීම .                                                                            නිතර මුත්‍රා පිටවීම .

Friday, January 4, 2013

නායකයකු වන්න

බොහෝ අය බලාපොරොත්තු වන්නේ ලොක්කකු වීමටය. ලොක්කකු වූ විට ඔබද සෑම දෙයක්ම කිරීමට උත්සහ කල යුතු වෙයි. තමා යටතේ සිටින අයට ලොකුකම් පෙන්වීමට සිදුවෙයි. එහෙත් ලොක්කා කිසිවක් හරි හැටි නොදනී. ඔවුන්ට හොදින් අන් අය ලව කාර්යයන් ඉටු කර ගත නොහැකිය. එවිට සෙසු අය ඔබගෙන් ඈත් වෙයි. එම නිසා තමා යටතේ සිටින්නන් නිවැරදිව මෙහෙය විය හැකි නම්‍යශීලි නායකයකු වන්න

දුරසිතීම

යම් කිසිවක් කිරීමට පෙර දුර දැකීම ඉතා හොද දෙයකි. එහෙත් කරන්නට සිතාගත් කාර්යය කරන්නට පෙර එයින් වන අතුරුපල ගැන සිතීම හා එයිනුත් පසු සිදුවන දෙය ගැන සිතන්නට ගියොත් සිදුවන්නේ සිත උදසිනබාවයට පත් වීම පමණි. එවිට කිසි දෙයක් කරගැනීමට නොහැකිවනු ඇත. එම නිසා නොපෙනෙන දුර පිලිබදව සිත යොමුනොකර පෙනෙන දුරට සිත යොමුකර කර්යය  කරන්න

අනුකරණය

සමාජය තරගකාරිය. එම තරගකාරිත්වය තුලදී ඔබ පසුබෑමට ලක්වන එක් අවස්ථාවක් වන්නේ අනු කරණයයි. එවිට ඔබ තුල පවතින විශ්වාසය ඔබගෙන් ඇත් වනු ඇත. විශ්වාසයක් නොමැති වූ විට ඔබට තනිව ස්වාදීනව යමක් කිරීමට නොහැකි වනු ඇත. අනුකරණය කිරීමේදී ඔබතුල පවතින එදිතර  බවද අඩු වෙයි.
එවිට ඉදිරිපත් වීම නැති වෙයි. ඔබ බංකොලොත් වූවකු වේයි. ජනප්ප්‍රිය පුද්ගලයන් අනුකරණය කරන්නට ගොස් බංකොලොත් වුවෝ අපමණය. එවිට හීනමානය ඔබ තුල ඇතිවෙයි. ඔබ ඔබම වන්න. ඔබ ඔබගේ හැසිරීම ඉවත දමා අනුකරනවදියකු වනවාට වඩා ඔබගේ ස්වාදීන ගති පැවතුම් මතින් ඔබට බොහෝ දෙය ලබා ගැනීමට හැකි වනවා මෙන්ම් අන් අය ඔබගේ අනන්න්‍යතාවයට  ගරු කරයි.

වැරදිපිලිගන්න

මිනිසුන් වශයෙන්  වැරදි කිරීම ස්වබාවික දෙයකි. නමුත් දැන දැන වැරදි කිරීම පිලිගතනොහැකි වෙයි. වැරද්දක් පෙන්වදීමේදී එය පිළිගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයා සමාජයෙන් කොන් වෙයි. හිතුවක්කාර මුරණ්ඩුකාරයන් මෙසේ වරද පිලි නොගන්න අතර කල වැරැද්ද පිළිගන්නා පුද්ගලයා කෙරෙහි සමාජය පැහැදේ. ප්‍රසන්න ශීලි වෙයි ඔහු ලග ''සමාවෙන්න'' යන වචනය තිබේ.

ඉවසීම

සිත් තවුල්   ඇතිවන්නේ ඉවසීමක් නැති වූ විටය. නිමේෂයක කෝපයක් නිසා ඔබට බොහෝකාලයක් සිත්තැවුලෙන් සිටීමට සිදුවන අතර ඔබට බොහො පාඩුද  විදින්නට සිදු වෙයි.කෝපයක් ඇතිවූ විට ඉවසන්න. දරාගත නොහැකි කෝපයක් ඇති වූ විට තවත් වතාවක් ඉවසන්න. එමගින් ඔබට සැනසීමක් ලැබීම ඒකාන්තය

බාහිර ඇසුර

කුඩා කල මවුපියන් සෙවනේ හැදෙන වැඩෙන දරුවන් හොද ආදර්ශමත් දරුවන් වෙයි. නමුත් බාහිර ලෝකය හා ගැටෙද්දී එම දරුවන්ම නරකට පෙලබෙයි. බාහිර ඇසුරට එම දරුවන් ප්‍රිය තාවයක් දක්වයි එම නිසා තමන් ඇසුරු කල යුත්තේ කවුරුන්ද,ඇසුරු නොකළ යුත්තේ කවුරුන්ද කියා ඔබම තීරණය කරන්න. ඔබ ඇසුරුකරන බාහිර සමාජය තුලින් ඔබගේ අනාගතය ගොඩ නැගෙනු ඇත.එය යහපත් කරගන්නවද අයහපත් කරගන්නවද කියා තීරණය කල යුත්තේ ඔබයි. යහපත් දේට ඔබව පොලබවනවට වඩා අයහපත් දෙයට යොමුකරන පිරිස වැඩිය. ඔබගේ මිතුරන් පිලිබදව සැලකිලිමත් වන්න. ඔවුන් දුම් බොන්නන්නම් මත්පැන් පානය කරන්නන්නම් ඔබවද ඊට යොමු කරවනු ඇත. යම් හෙයකින් ඔබ මත්පැන් පානය කරන පිරිස සමග එකට සිටියද නොබිසිටිනවා විය හැකිය.එහෙත් යම් දිනක ඔබට යම් කිසි විපතක් වූ විට ඊට පිළියම් ලෙස කියා ඔබ මත්පැන් පානයට පෙලබෙනු ඇත. ඒ මත්පැන් පානය කරන අය සමග ඔබ මිට පෙර ඇසුරුකළ නිසාවෙනි.

Tuesday, January 1, 2013

යහපත් පුද්ගලයෙක් වෙන්න මේ කරුනු ටික පිළිපදින්න

<<යහපත් පුද්ගලයෙක් වෙන්න මේ කරුනු ටික පිළිපදින්න>>
එන්න සමාජයට වැදගත් දරුවෙක් මෙන්.
ඉඳගන්න තවකෙනෙකුට අපහසුවක් නොදැනෙන ලෙස.
කන්න ගුණවත් දේපමනක්.
බොන්න ඔබේ පැවැත්මට හිතකර දේ පමනක්.
ලියන්න දැනුම විනෝදය ලබාගතහකිදේ.
කරන්න තමන්ටත් අනුන්ටත් ප්‍රයොජනාවත් දෙයක්.
ගොඩනගන්න ආත්ම විශ්වාසය.
සිනහවන්න සමච්චලයට නොව අවංක ලෙස.
කියන්න පලදායි මිහිරි දේ පමනක්.
අහන්න කියන්න කෙසේ කීවත් සිහිබුද්දියෙන්.
බලන්න දෙනෙතට මනසට ප්‍රිය උපදවන දේ පමනක්.
ඉන්න කිසිවෙකුට කරදරයක් නොවන ලෙසින්.
අඳින්න පිරිසිදු සංස්කෘතියට ගැලැපෙන ඇදුම්.
ඉගෙනගන්න හැම මොහොතකම යමක්.
පිළිගන්න හැමකෙනෙකුම ගවුරවයෙන්.
උත්සහකරන්න උත්සහ කලොත් කලනොහැකිදෙයක්නැතිනිසා.
සෝදන්න අනිත්‍ සියලු දේමෙන් හදවතත්.
ඉතිරිකරන්න ටිකෙන් ටික අනාගතය වෙනුවෙන්.
නිදාගන්න විරාමයක් ලබා ගැනීමට පමනක්.
නැගීටින්න කොන්ද පන ඇති මිනිසෙකු මෙන්.
ඇවිදින්න බොහෝ අත්දැකීම් ලබා ගැනීමට.
යන්න යායුතු මග නොබියව.
හැදෙන්න 6 ,4 දන්නා සමජයට පලදායි පුද්ගලයකු මෙන්.

  • මැරෙන්න සමජයට සේවයක් කලසැබෑමිනේසෙකු ලෙසින්

මම කවුද ?

මම කවුද ?
මා හට බොහෝ විට මිනිසුන් අයහපතක් නොකරයි .මම කවුද කියා නැතිනම් මගේ ජීවිතය පිලිබදව දකින්නේ පිටස්තර ලෝකයේ සිටින මිනිසුන් ගෙනි .ඒ ඔවුන් මට සලකන අයුරිනි. යහපත් අයුරින් හැසිරීමෙන් යහපතක්ම සිදුවන අතර අයහපත් අයුරින් හැසිරීමෙන් අයහපතක්ම සිදු වෙයි

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More